ඡන්දෙට බෝට්ටු


බෝවතැන්න ජලාශය පසුගියදා ගංවතුරින් පිටාර ගැළිම  නිසා අඹන් ගඟ  හරහා ඉදිකර ඇති කඩවත අඩි සීයේ පාලම දෙකට කැඩි ගොස් ඇත.

මෙම පාලම භාවිතා කරන පවුල් හත්සීයකගේ හය දහසක පමණ පිරිසක් විකල්ප මාර්ග භාවිතා කරති.

ආඳාවල සිට මඩවල දක්වා දිවෙන මාර්ගයද මේ වන විට මොවුන් භාවිතා කරන අතර දෛනික කටයුතු සිදු කැර ගැනීම සඳහා නාවික හමුදාව බෝට්ටු සේවයක්ද  යොදවා තිබේ.

පන්සීයයක් පමණ ඡන්ද දායකයිනටද මේ බෝට්ටු මගින් ඡන්ද පොළට යෑමේ පහසුව සලසා ඇත.

කඩිනමින් පාලම ඉදි කර දෙන බව නාවුල ප්‍රාදේශිය සභාවේ සභාපති සනත් දසනායක මහතා කියයි.

පාලම අක්‍රමවත්ව ඉදිකැර ඇතැයි විපක්ෂ නායක නිමල් කරුණාතිලක මහතා පවසයි.

SAM_0466 SAM_0468