පුත්තලම දිස්ත්‍රික්කයට තරග වදින නවගත්තේගම ඉඟිනිමිටිය ප්‍රදේශයේ සන්ධාන අපෙක්ෂකයකු ඡන්ද දායකයින්ට බෙදාදීම පිණිස රැගෙන ආ බව කියන ඇලුමිනියම් සාස්පාන් තොගයක් සොයා ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත නිවසක තිබූ එම සාස්පාන් 20ක් සමග එම නිවසේ හිමිකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අදාළ අපේක්ෂකයාගේ බිරිය ඇතුළු පිරිස අසල්වැසි නිවසේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටි බවද පොලිසිය කියයි.






