සිල් ගත් පිරිසට පිරිත් පොත් සමග ඡන්දය ඉල්ලමින් අත් පත්‍රිකා බෙදූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරාගේ ආධාරකරුවන් 6 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප ලබාදීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් ෆසල් අබුසායිල් මහතා නියෝග කළේය.
එම ඇප ලැබූ අය අතර නියෝමාල් පෙරේරාගේ සම්බන්ධීකරණ ලේකම් එස්.එම්.ධර්මසේනද වේ.

