මහ මැතිවරණය වෙනුවෙන් අගෝස්තු 17 වැනි දින දිවයින පුරා ඇති සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.
එමෙන්ම මහ මැතිවරණය නිමිත්තෙන් 16 හා 17 යන දෙදින පුරා සුරාබදු නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
මෙම නියෝග නොතකා මත්පැන් අලෙවි කරන අලෙවිසැල් වැටලීම සහ නීති විරෝධී මත්පැන් අලෙවි කරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදුකිරීම සඳහා අදාළ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධරයකු පැවසීය.

