(විනීතා එම් ගමගේ)
මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ඉතා ආසන්නයේ අධිකරණමය උපක්‍රමයක් මගින් මැතිවරණය කල් දැමීමට දරන උත්සාහය මහජනතාව සමඟ එක්වී පරාජය කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඒ වෙනුවෙන් ජනතාව සමඟ පාරට බසින්නට සුදානම් යැයි ද අවශ්‍ය වුවහොත් පාරට බැස උද්ඝෝෂණ කිරීමෙන් එම උත්සාහය පරාජය කරන බව ද හෙතෙම සඳහන් කළේය.
ජවිපෙ ලේකම්වරයා මේ අදහස් පළ කළේ එම පක්ෂ මුලස්ථානයේ අද (20) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ ජවිපෙ ලේකම්වරයා මෙසේ ද කීය.
‘පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ උත්සාහයක ආණ්ඩුව දිගින් දිගටම නිරත වෙමින් සිටිනවා. දැනටමත් වසර දෙකකට වඩා ප්‍රමාද වෙලයි තියෙන්නේ. මැතිවරණය කල් දැමීමට අදාළව තිබූ බාධා සියල්ල අවසන් කර තිබියදී ආණ්ඩුවේ යම් පාර්ශ්වයක් මේ ලෙස කටයුතු කිරීම සදාචාර විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක් හැටියට අපි හෙළා දකිනවා.
අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිඛෙන පෙත්සම් හයෙන් පහක්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලට සම්බන්ධ අය විසින් ඉදිරිපත් කර තිඛෙන බව සොයාගෙන තිඛෙනවා. මේකට හේතුව ඇත්ත ප්‍රශ්නයක් නම් ඔවුන්ට අධිකරණයට යන්න පසුගිය අවුරුද්දේ ඔක්තෝබර්වල සිට අවුරුද්දකට වඩා කාලයක් ඉතිරිවී තිබුණා.

