මැතිවරණයක අපේක්ෂකයින් තෝරා ගැනීමේදී නිර්නායක අටක් ඇතුළත් මාර්තු 12 ප්‍රකාශනය පැෆරල් සංවිධානය අද (12) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රකාශයට පත් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා,ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති ආදී දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.
නිර්නායක මෙසේය
01-ඡන්ද අපේක්ෂකයකු අපරාධයක් සඳහා සිර දඬුවමකට ලක් වු හෝ අත්හිටවු සිර දඬුවමකට ලක් නොවුන අයකු විය යුතුයි , 02-අල්ලස් හෝ දුෂණ පිළිබඳ වරඳකරුවකු නොවිය යුතුයි, 03-මද්‍යසාර,මත්ද්‍රව්‍ය, සූදු හා කැසිනෝ ආදී රටේ යහපැවැත්මට හානිකර දේ නොකළ අයකු විය යුතුයි, 04-පරිසර වශයෙන් හානිදායක ව්‍යාපාරවල යෙදුණු අයකු නොවිය යුතුයි.05-දේශපාලන බලය අනිසි ලෙස භාවිතා කළ අයකු නොවිය යුතුයි.
06-අගතිගාමී මුල්‍ය ගිවිසුම් ඇති කර ගෙන මහජන නියෝජිතයකුව සිට දේශපාලන බලය යොදා රජය සමඟ මුල්‍ය ගිවිසුම් ඇති කර ගත් අයකු නොවිය යුතුයි.07-නාම යෝජනා ලබා දෙන පුද්ගලයා තමා නියෝජනය කරන ප්‍රදේශයේ පදිංචිකරුවකු විය යුතුයි.08 -නාම යෝජනා ලබා දීමේදී කාන්තා හා තරුණ නියෝජන සඳහා ප්‍රමාණවත් අවස්ථා ලබා දිය යුතුයි.





















