ඡන්දයේ ආරක්ෂාවට එස්ටීඑෆ් ගන්න සාකච්ඡා


අමල් වික්‍රමරත්න

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සදහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයෝගය ලබා ගැනීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඒ සදහා දැනටමත් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා සමග සාකච්චා කරනලදැයිද ඔහු කීවේය.

ඡන්දය අවසන් වීමෙන් පසුව සෑම ඡන්ද මධ්‍යස්ථානයකම සිට මීටර 400 ක් ඇතුළත ජනතාවට ගැවසීමට නොහැකි සීමාවක් බවට පත්කිරීමට තීරණයකර ඇත. ආරක්ෂක හේතු මත එම තීරණය පොලිසිය සමග සාකච්චාවකින් පසුව ගත්බව  මහින්ද දේශප්‍රිය මහතා කීවේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසුවේ අද ගාල්ලේ පැවැති දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.