ඡන්දය වෙනුවෙන් පොලිසියට මිලියන 230ක්


ඉන්දිකා රාමනායක

මැතිවරණය වෙනුවෙන් ඇලවු පෝස්ටර් ඉවත් කිරීම ඇතුලූ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිසම පොලිසිය වෙත රුපියල් මිලියන 230 ක මුදලක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඉදිරියේ තවත් මුදල් ප‍්‍රමාණයක් ලබා දීමට කොමිසම තීරණය කර ඇති බවත් මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ  දීමනා වෙනුවෙන්  මෙම මුදල ලබා දීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පොලිසිය මැතිවරණ  පෝස්ටර් සහ බැනර් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ  සහ පොලිස් පතිවරයාගේ  සහභාගීත්වයෙන් අද (24) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ  පැවති විශේෂ සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය. 

ඡන්ද පොළ සහ ගණන්කිරීමේ මධ්‍යස්ථාන වල ආරක්ෂාවට අවශ්‍ය වුවහොත් පොලිස් විශේෂ කාර්ය බලකායද යෙදවීමට තීරණය කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  කීය.