ඡන්දය දාන්න යන්න බයනම් වෙනත් මධ්‍යස්ථානයක්


(රංජන් කස්තුරි)
 
යම් තත්වයක් හේතුවෙන් කිසියම් ප්‍රදේශයක ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තම ඡන්දය ප්‍රකාශකිරීමට නොහැකි වෙතැයි කිසියම් ඡන්ද දායකයකුට සාධාරණ බියක් ඇත්නම්, ඔහුට ඒ සඳහා වෙනත් මධ්‍යස්ථානයක් ලබාදිය හැකි බව මැතිවරණ කොමිසම කියයි.
 
ඒ සඳහා වන ඉල්ලුම්පත් සියලුම දිසාපති කාර්යාලවලින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හෝ ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බවද එම කොමිසම කියයි.
 
එම ඉල්ලුම්පත් සැප්තැම්බර් 25 වැනි දින හෝ ඊට පෙර මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල්, මැතිවරණ කොමිෂන් සභාව, සරණ මාවත, රාජගිරිය යන ලිපිනයට එවිය යුතු බවද කොමිසම සඳහන් කරයි.