(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීමට පක්ෂ නායකයින් අතර නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එවැනි යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට සහාය දීමට සියලූ පක්‍ෂවල එකඟතාව ලැබී ඇති බවද වාර්තා වේ.
එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඒකාබද්ධ විපක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යන පක්‍ෂ ඊට සහාය පළකර ඇතැයි දැනගන්නට තිබේමැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා ගත හැකි නීතිමය ක‍්‍රියාපටිපාටිය වහාම දැනුම් දෙන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නවදිල්ලි නුවර සිට නීතිඥ කණ්ඩායමකට දන්වා ඇති අතර ඉන් පසුව මෙම සාකච්ඡාව නිල නොවන මට්ටමින් පවත්වා ඇත.

