නාලක සංජීව දහනායක
නිල කාලය අවසන්ව තිබෙන පළාත් සභා තුනෙහි මැතිවරණ පැවැත් වීමට ක්‍රියානොකරන්නේ නම් මැතිවරණ කොමිසම් සභාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුපවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
අර්ථ නිරූපණ ආඥාපනතේ හයවැනි වගන්තියට අනුව නව නීතියක් සම්පූර්ණයෙන්ම බලාත්මක වීමෙන් පසුව පැරණි නීතිය අහෝසිවන බවත් ඒ අනුව 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත බලාත්මකව නොමැති බැවින් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කළේය.
සීමා නීර්ණය කොමිෂන් සභාවේ වාර්තාව මෙම වසරේ පෙබරවාරි මාසයේදී විෂයභාර අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතාට භාරදී ඇති බවත් අමාත්‍යවරයා විසින් එය මාර්තු මාසයේ මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය මේ දක්වා සම්මතව නොමැති බවත් හෙතෙම කීය.