ඡන්ද ලැයිස්තුවේ ඉන්න අපේක්ෂිකාවන්ට වැඩි වාසි


(රන්ජන් කස්තුරි)

මෙවර මැතිවරණ ක්‍රමයේ ස්වභාවය අනුව තරග නොකරන හෙවත් ලැයිස්තුවේ සිටින පිරිමි අපේක්ෂකයින්ට ඒ ඒ පළාත් පාළන ආයතන වලට තේරීපත්වීමේ අවස්ථාව අවම වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

එක් පළාත් පාලන ආයතනයකට කාන්තාවන් සියයට 25 ක ප්‍රමාණයක් එක් පත් කළ යුතු හෙයින් ලැයිස්තුවේ නම් තියෙන් අපේක්ෂිකාවන්ට පත්වීමේ වැඩි අවස්ථාවක් සැලසෙන බවද දේශප්‍රිය මහතා කීය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේදී තරග නොකරන හෝ ලැයිස්තුවේ නොමැති හෝ කිසිදු පුද්ගලයෙකුට මන්ත්‍රී ධූරයකට පත්විය නොහැකි බවද දේශප්‍රිය මහතා පැවසීය‍.

යම් හෙයින් තරග කරන හා නොකරන ලැයිස්තු දෙකේම නොමැති පුද්ගලයකු පත් කිරීමට නම් පළාත් පාලන ආයතනයට පත්වන සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්විය යුතු බවද සභාපතිවරයා කීය.