විනීතා එම් ගමගේ
පළාත් පාලන මැතිවරණය නිරික්ෂණය කිරීම සඳහා දේශිය නිරික්ෂණ සංවිධාන විසින් නිරික්ෂකයන් 13000 කට අධික පිරිසක් යෙදවීමට නියමිතය.
මේ පිරිස අතරින් 6000 කට ආසන්න පිරිසක් ඡන්ද මධ්‍යස්ථාන තුළ නිරික්ෂණ කටයුතු සිදු කරන අතර ජංගම නිරික්ෂණ රථ 350 කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට නිරික්ෂණ සංවිධාන කටයුතු යොදා ඇත.
මැතිවරණ නිරික්ෂණ සංවිධාන අතරින් ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුල්වීමට මැතිවරණ කොමිසමේ අවසරය ලැබි ඇත්තේ පැෆරල් සංවිධානයට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සහ මැතිරවණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයට පමණි.
පැෆරල් සංවිධානය මඟින් නිරික්ෂකයන් 5500 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති අතර එයින් 4000 ක් දෙනා ඡන්ද මධ්‍යස්ථානවල නිරික්ෂණය සඳහා ද අනෙක් පිරිස ජංගම නිරික්ෂණ රථ සඳහා ද යොදවා ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය.
එමෙන්ම පූර්ව මැතිවරණ සමයේ ප‍්‍රචණ්ඩත්වයට නැඹුරු වූ වැඩිපුර අල්ලස් දීම් වාර්තා වූ ප‍්‍රදේශ කිහිපයක විශේෂ නිරික්ෂණයක් සිදු කෙරෙන බව ද හෙට්ටිආරච්චි මහතා කීය.
මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය ඡන්ද පොළවල් සඳහා ස්ථාන ගත නිරික්ෂකයින් 2000 ක් ද ජංගම නිරික්ෂන රථ 100 ක් ද යොදවා ඇති බවත් විශේෂ නිරික්ෂණ රථ 60 ක් දිවයින පුරා යොදවන බව ද එහි ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා ප‍්‍රකාශ කළේය.

