දකුණ, වයඹ හා මධ්‍යම යන පළාත් තුනෙහි අද (13) නාම යෝජනා බාරදීමෙන් පසු ඡන්ද නීති කඩමින් පෙළපාළි යාම වැනි දේ කළ අය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා නීතිපතිට ඉදිරිපත් කරන ලෙස පොලිස්පති එම්.කේ.ඉලංගකෝන් මහතා දන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
නීති කඩකළ අය සම්බන්ධව ලබන සඳුදා වනවිට විමර්ශන වාර්තාවක් නීතිපතිට ලබාදීමට එම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

