ඡන්ද පෙට්ටි බෙදා හැරීම අරඹයි


බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ ඡන්ද පෙට්ටි සිකුරාදා සිට ඡන්ද පොළවලට රැගෙන යෑමට සියල්ල සූදානම් කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද පොළ 613කට ඡන්ද පෙට්ටි බෙදා හැරීමට සියල්ල සූදානම් කර තිබිණි. මෙම ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය වන කළුතර තිස්ස විදුහලට හා පස්දුන් විද්‍යාපීටයට කළුතර දිසාපති කාර්යාලයයේ සිට අද රැගෙන යෑම අද ඇරඹිණි.