මැතිවරණ අපේක්ෂකයන්ට පැමිණිලි කළ හැකි වන සේ හැම පොලිසියකම මැතිවරණ තොරතුරු පොතක් පවත්වාගෙන යන ලෙස මැතිවරණ කොමසාරිස් පොලිසියට නියෝග කරයි.
පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලයය කියනුයේ එම පොත ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යා යුතු බවයි.
එය ආරක්ෂාකාරී ලෙස පවත්වාගෙන යන ලෙසත්, ඡන්ද නඩු අවසන් වන තුරු යතුරු දමා තබා ගත යුතු බවත් පොලිසිවලට උපදෙස් දී තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරුන් මෙම පොත පිළිබඳ වගකීම පෞද්ගලිකවම ගත යුතු බවත්, ඔහු මාරු වී යතොත් අලුතින් වැඩ බාර ගන්නා නිලධාරියාට එය බාර දිය යුතු බවත් එම උපදෙස් වල දැක්වේ.

