ඡන්ද පත්‍රිකා 288ක් නිවසකින් මතුවෙයි


(ඉන්දිකා රාමනායක)

මුලතිව් විශ්වමඩු තැපැල් කාර්යලය මගින් බෙදීමට නියමිතව තිබු නිල ඡන්ද පති‍්‍රකා 288 ක් අද  (25) පුදුකුඩිඉරුප්පු තේරාවිල් ප‍්‍රදේශයේ නිවසක අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි.
 
විශ්වමඩු තැපැල් කාර්යාලයේ ලියුම් බෙදාහරින්නා විසින් මෙම ඡන්ද පති‍්‍රකා තොගය මෙම නිවසේ ගෙහිමියා වෙත ලබා දී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ලියුම් බෙදාහරින්නා සහ ගෙහිමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මොවුන් කිසියම් ඡන්ද වංචාවක් සදහා මේවා  නිවසේ සගවා තබා ගෙන ඇති බවද පොලිසිය කියයි.