ඡන්ද නීතී දිගට හරහට කඩයි


බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ නාමයෝජනා භාර දුන් දින සිට අද වන විට මැතිවරණ නීතී කඩ කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා 147 ක් වාර්ථා වී ඇතැයි ද  නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය (කැෆේ) කියයි.

මහජන දේපළ යොදා ගැනීම ,රජයේ සේවකයන් මාරු කිරීම් ,පත් කිරීම්, දේපල හානී  , නීතී විරෝධී ඡන්ද ප්‍රචාරය ,පහරදීම්, වර්ජනය කිරීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ සිද්ධි 103 ක් ද දකුණේ සිද්ධි 34 ක් ද  වාර්ථා වී ඇතැයි කැෆේ සංවිධානය කියයි.