ඡන්ද නීති දිගට හරහට කැඩේ


මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට අද (07) දිනය දක්වා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නිති කඩකිරිමේ සිදුවීම් 62ක් වාර්තා වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පුවත්පත් නිවේදනයක් නිකුත්කරමින් පවසයි. මේ අතර රත්නපුරයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා තුනක් වාර්තාවෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාව බැගින් සිදුව ඇති බව එම වාර්තාව පෙන්වාදෙයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ සිදුවීම් 59කි. ඉන් සිදුවීම් 41ක් මහජන දේපල හා රාජ්‍ය සේවකයන් වැරදි ලෙස යොදා ගැනීම, පත්වීම් හා ස්ථාන මාරුවීම් බව කැෆේ සංවිධානය පවසයි. මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වාර්තා වී ඇති ප්‍රමාණය 18 කි. ඉන් වැඩිම ප්‍රමාණයක්  වාර්තා වී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. එම සිදුවීම් සංඛ්‍යාව පහකි.