ඡන්ද නීති දිගට හරහට කඩයි


බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණයේ ඡන්ද නීති උල්ලංඝණය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ පැමිණිලි 133ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරණය සම්බන්ධයෙන් සිදුවීම් 65ක් වාර්තා වී ඇති බව කියන කැෆේ සංවිධානය මහජන දේපළ අයථා පරිහරණය, රාජ්‍ය නිලධාරින් මැතිවරණ කටයුතුවල යෙදවීම සහ මැතිවරණ සමයේ පත්වීම් හා ස්ථාන මාරු සම්බන්ධ සිද්ධි 52ක් වාර්තා වූ බව ද කියයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 42ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 18ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 16ක් ද ලෙස බස්නාහිරින් වාර්තා වී ඇති පැමිණිලි ගණන 91කි.  

0112866224 දරණ ෆැක්ස් අංකයෙන් ද, 0114341524 සහ 0114341514 යන දුරකතන අංක මගින් ද කැෆේ සංවිධානයට මැතිවරණය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එම සංවිධානය කියයි.