ඡන්ද නීති කැඩුවොත් මැකෝ සැරයිලු


මැතිවරණ නීති උල්ලංඝනය කරන රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිපති මගින් මහාධිකරණයේ නඩු පැවරීමට 19 වැනි සංශෝධනය මගින් තමාට බලය පැවරී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (30) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ අතර ආණ්ඩුව රාජ්‍ය දේපළ අවභාවිත කරමින් රාජ්‍ය ආයතනවලට සිය ගණන් රැකියා ලබාදෙන බවට ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයෝ අද මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක්ද කළහ.

පැමිණිල්ල කිරීමට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම, උදය ගම්මන්පිල, එම්.එම්.මුසම්මිල් යන මහත්වරු පැමිණ සිටියහ.

නාමයෝජනා බාර ගන්නා ජූලි 6 වැනිදා සිට පොලිස් නිලධාරීන්ගේ මාරුකිරීම් අවලංගු වන බවත් අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන පාසල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත නොකරන බවත් මැතිවරණ කොමසාරිස්වරයා එහිදී පැවසීය.

DSC_0005 DSC_0030 DSC_0037 DSC_0054 DSC_0103