තරිඳු ජයවර්ධන
ඡන්ද නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී පෙළපාළි ගොස් පොලිස් නිලධාරියකු අනතුරට ලක් කළ බව කියන හතර දෙනකු ත්රීකරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිසිය කියයි.
සැකකරුවන් පොදුජන එක්සත් පෙරමුණේ ආධාරකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරුවන් ඊයේ නාමයෝජනා අවසන් වීමෙන් පසු දේශපාලන සැරසිරි කරමින් ත්‍රි රෝද රියේ ගොස් ඇති බවත්, කහවත්ත ඔරලෝසු කණුව අසල රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු එය නතර කිරීමට උත්සහ කර ඇති බවත්, එම අවස්ථාවේ සැකකරුවන් පොලිස් නිලධාර්යා හප්පා පළා යාමට උත්සාහ කර ඇති බවත් පොලිසිය පවසයි.

