ඡන්ද නීති කඩා පොලිසියට අසුවෙයි


අපේක්ෂකයා නොමැතිව ඔහුගේ රුව ප්‍රදර්ශනය කරමින් පෝස්ටර් තොගයක් ප්‍රවාහනය කළ වෑන් රථයක් ආනමඩුව ප්‍රදේශයේ දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වී සිටින ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ රුව ඇතුළත් ප්‍රචාරක පුවරු වෑන් රථයේ ප්‍රදර්ශනය කර තිබූ බවත් වෑන් රථයේ ඔහුගේ ‍පෝස්ටර් 535ක් තිබූ බවත් පොලිසිය පවසයි.