අමල් වික්‍රමරත්න
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ජාතික හැඳුනුම්පත් මුදලට ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (01) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතිබවත් දැනට වාර්තාවන අන්දමට එසේ නිල ඡන්ද කාඩ්පත් ලබාගන්නා පුද්ගලයන්ගේ පක්ෂයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනු ඇතැයි සිතන පුද්ගලයන්ගෙන් ඡන්ද කාඩ්පත් සහ හැදුනුම්පත් මුදල් දී ලබාගැනීම් මේ වන විට වාර්තා වී ඇතැයි පැවසීය.
මෙහිදී යම් පක්ෂයකට හෝ කණ්ඩායමකට ඡන්දය ලබාදීමට තිබු අවස්ථාවකට අයුතු බලපෑමක් එල්ල කිරීමක් බවත් මෙවැනි ජාවාරමක් සම්බන්ධයෙන් වරදකරුවන් වන්නෙකුට දැඩි දඬුවම් හිමිවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

