ඡන්ද කොමසාරිස් විශ්‍රාම යයි


මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ඉකුත් සිකුරාදා (05) වයස අවුරුදු 60 සම්පූර්ණ වූ අතර ඒ අනුව ඔහුට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යෑමට සිදුවී ඇත.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යඨවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව නව මැතිවරණ කොමිසම පත්වන තුරු ඔහුට මැතිවරණ කොමසාරිස් ධුරයේ රාජකාරි කළ හැකි බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

ජනවාරි අට වැනි දා පැවැති ජනාධිපතිවරණය අපක්ෂපාතීව හා සාධාරණව පැවැත්වීමට ගත් උත්සාහ ගැන දේශප්‍රිය මහතාට බොහෝ දෙනෙක් තුති පුද කළහ.