( නාලක සංජීව දහනායක)
විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස්වන්නේ නම් වර්තමාන ඡන්ද ක‍්‍රමය හා 13 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයද සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද (6) පැවැති සාකච්ඡාවේදී පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එමෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය සම්බන්ධයෙන් සම්පූර්ණ වශයෙන් තමන්ට එකඟ විය නොහැකි වුවත් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස්කිරීමට ප‍්‍රතිපත්තිමය වශයෙන් තමන්ද එකඟ යැයි විපක්‍ෂනායකවරයා පැවසුබව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමන් සමඟ සිටින සෙසු දේශපාලන පක්‍ෂ සමඟද දීර්ඝව සාකච්ඡා කර තමන් සමඟ යළිත් සාකච්ඡා කිරීමට සූදානම් යැයි විපක්‍ෂ නායකවරයා පැවසූ බවද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
කොළඹ- 07, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක, ප‍්‍රචාරක ලොක්ම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්, සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් සහභාගීවූ අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහභාගී වූහ.
පස්වරු 4.00ට පමණ විපක්‍ෂනායක කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවතිණ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)






