චෝදනා එනවද නැද්ද උසාවිය නීතිපතිගෙන් අහයි


අවුරුදු එක හමාරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින දෙමළ සිරකරුවන් 23 දෙනකුට චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න යළි නීතිපතිගෙන් අසන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය උසාවි රෙජිස්ටාර්ට නියෝග කළාය.

ත්‍රස්ත විමර්ශන අංශය පැවසූයේ පරීක්ෂණ අවසන් කර වාර්තාව උපදෙස් පතා නීතිපතිට යැවූ බවයි.