ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු මරා දැමීයැයි රිමාන්ඩ් භාරයේ සිටින ප්‍රේමලාල් ජයසේකරට (චොකා මල්ලී) ඡන්දය දීමේ අවසරය පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් මහතා අද (13) ප්‍රතික්ෂේප කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන ඔහුගේ ඡන්ද අයිතිය විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය නොහැකි බව අධිකරණය කීවේය. සන්ධානයෙන් ඔහු රත්නපුර දිස්ත්‍රික්කයට තරග කරයි.
ඔහු ඇතුළු සැකකරුවෝ 6දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මහින්ද රාජපක්ෂ දිනූ ගමන් සැකකරු නිදහස් කරන බව පසුගියදා රත්නපුරයේ පැවැති ඡන්ද රැස්වීමකදී පවිත්‍රාදේවි වන්නිආරච්චි හිටපු ඇමැතිනී ප්‍රකාශ කළාය.

