චොක්ලට් මල්ලෙන් හෂීස් පනී


ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විසින් හික්කඩුවේ පදිංචි  ශ්‍රී ලාංකික කාන්තාවගේ නමට කූරියර් සේවාවක් මගින් එවන ලද චොක්ලට්  පාර්සලයක තිබී හෂීස් මත් ද්‍රව්‍ය කිලෝ දෙකක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

අදාල පාර්සලය සීදුවේ පිහිටි  ගුවන් භාණ්ඩ පර්යන්තයේදී  භාණ්ඩ නිස්කාෂණ  ඒජන්තවරයා ඉදිරිපිට විවෘත කළ අවස්ථාවේ මේ බව අනාවරණය විය.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාල පාර්සලයෙහි චොකලට් කැබැලි 20 ක් ඇති බවට සදහන් කර මෙරටට එවා තිබුනු බවයි.


මේ පිළිබද විමර්ශණ කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීහු සිදුකරති.