(උපාලි ආනන්ද සහ පැතුම් දර්ශන)
පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථානයකට අනවසරයෙන් ඇතුලූවී එම පුරා විද්‍යා භූමියේ පිහිටි කිරලාගල දාගැබ මතට නැග ජායා රූප ලබා ගෙන එම ජායා රූප සමාජ ජාලා මාධ්‍යට මුදා හැර ආගමික ස්ථානයකට අපහාස සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටි අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් අට දෙනා එකී චෝදනාවන්ට කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී වරද පිළිගනු ලැබීය .
ඒ මෙම සිද්ධියට අදාල පැමිණිල්ල අද (5) කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.
වරදපිළිගැනීමෙන් අනතුරුව එම සාකකාර සිසුනට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂන ද අල්විස් මහතා මුදලින් දඩ සහ මුදලින් රජයේ ගාස්තු නියම කළේය.
ඒ අනුව පළමු චෝදනාවට සියලු සැකකාර සිසුනට වෙන් වෙන් වශයෙන් රුපියල් දහසක රජයේ ගාස්තුවක්ද දෙවන චෝදනාවට සියලු සැකකාර සිසුනට රුපියල් දහසක රජයේ ගාස්තුවක්ද තුන් වන චෝදනාවට සියලු සැකකාර සිසුනට වෙන වෙන් වශයෙන් මුදලින් රුපියල් පනස් දහස බැගින් ද දඩ මහේස්ත‍්‍රාත්වරයා නියම කෙරිණ .
මෙසේ දඩ නියම වූයේ පිරි මොහොඞ් ස්මයිල් අබිදුල් සලාම් මොහොමදු අබ්දුල් ආතික් මොහොමඞ් මොහොමදු ජලීල් මොහොබදු හිදියන් මොහොමඞ් ඊබ‍්‍රහිම් සයිපන් මොහොමඞ් රිෆාෂ් මොහොමඞ් අබුදුල් අසීස් දිෂාන් සහ කරීම් මොහාබදු සබ්රීස් යන අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් අට දෙනෙකුටය මෙම සැකකාර සිසුන් හොරොව්පොතාන පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබූවේ ඉකුත් ජනවාරි මස 23 දා වන අතර ඔවුන් කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර රිමාන්ඞ් බාරයට පත් කලේ ජනවාරි මස 24 වැනිදාය.