චෙස් මුල් පුටුව උපාලිට
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපතිවරයා ලෙස දෙවැනි වසරටත් කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා පත්විය. කොළඹ රාජකීය විදුහලේ දී පැවැති එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණයේදී (2012/13) සියලූ නිලධාරීහු නිතරගයෙන් පත් වුහ.
හිටපු සභාපතිවරයකු හා ලේකම්වරයකුව සිටි ලක්‍ෂමන් විජේසුරිය මහතා නැවතත් ලේකම්ධුරයට පත්ව සිටියි. 1999 සහ 2000 වසරවල උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ උපාලි මහතා පසුගිය වසරේද චෙස් සංගමයේ සභාපතිධුරය දැරීය.
නිලධාරී මඩුල්ල:
සභාපති: උපාලි ගුණසේකර මහතා,
ලේකම්: ලක්‍ෂමන් විජේසුරිය මහතා,
උප සභාපතිවරු: රෝචන පෙරේරා සහ කේ. සී. කොතලාවල මහත්වරු
භාණ්ඩාගාරික: ඉරෝෂ් ජයසිංහ මහතා,
උප ලේකම්: ආර්. එස්. කළුගම්පිටිය මහතා,
උප භාණ්ඩාගාරික: එස්. පී. අරන්ගල මහතා,
තරගාවලි කමිටු සභාපති: නදිත අමරකෝන් මහතා,
කමිටු සාමාජික සාමාජිකාවෝ: ගිහාන් පෙරේරා මහතා, රජිව් තිලකරත්න මහතා, මලිත් අකලංක මහතා, එල්. වී. මුදලිගේ මහතා, බුද්ධි පනාගොඩ මෙනවිය (මාධ්‍ය සම්බන්‍ධීකරණ නිලධාරිණී) සහ දයාල් සිරිවර්ධන මහතා

