(ටී.කේ.ජී .කපිල )
රුපියල් ලක්ෂ 24 ක් පමණ වටිනා රත්තරන් කුට්ටි 4 ක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියයෙක් අද (14) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
ඔහු අද (14) දහවල් 11.50 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
ඔහු රැගෙන ආ මෙම ග්‍රෑම් 100 බැගින් වූ රත්තරන් කුට්ටි 4 හි මුළු බර ග්‍රෑම් 400 ක් බව රේගුව සඳහන් කරයි.