චෙන්නායි පිලට ලකුණු 13 ක ජයක්


අයි. පී. එල්. තරගාවලියේ චෙන්නායි සුපර්ස් කිංග් පිල සහ පූනේ වෝරියස් පිල අතර පෙරේදා (19) චෙන්නායිහිදී පැවැති දෙවැනි තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර්ස් කිංග්ස් පිල ලකුණු 13 ක ජයක් ලැබීය. ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර කඩුලූ දෙකක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. චෙන්නායි සුපර්ස් කිංග් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 164 (එෆ්. ඩූ. ප්ලිස්සිස් 58, සුබ‍්‍රනියම් භද්‍රිනාත් 57, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 28, අෂිෂ් නෙහෙරා 23/2, මාලන් සැමුවෙල්ස් 39/3) පූනේ වෝරියස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 151 (සව්රව් ගංගුලි 24, මාලන් සැමුවෙල්ස් 26, ස්ටීව් ස්මිත් 23, ඇන්ජලෝ මැතිව්ස් 27, නුවන් කුලසේකර 10/2, ඞ්වේන් බ්‍රෙවෝ 28/2)