චීනෙන් ධීවරයන්ට නොමිලේ භූමිතෙල්


(රංජන් කස්තුරි)

චීන සමූහ ආණ්ඩුවේ ආධාර ඇතිව එක්දින ධීවර ය්‍රාත්‍රා සඳහා නොමිලයේ භූමිතෙල් ලබා දෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

දිවයිනපුරා ධිවරයන් 28000කට එක් ධීවරයකුට භූමිතෙල් ලීටර 153 බැගින් ලබාදෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

ඒ අනුව මෙවර භූමිතෙල් ලීටර් 4250000ක් ධිවරයන්ට ලබාදෙන බව ද පියල් නිශාන්ත මහතා කීය.