දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය මාසයේදී 18.7 % කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
අගෝස්තු මාසයේදී පමණක් විදෙස් සංචාරකයින් එක් ලක්ෂ හැටහයදහස් හයසිය දහ දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ මාසික දත්ත වාර්තා වල සඳහන් වේ. මෙම පිරිසෙන් වැඩි පිරිසක් චීනයෙන් හා ඉන්දියාවෙන් පැමිණි අය වෙති.
එසේම පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සැසඳීමේදී මෙම වර්ධනය පෙන්නුම් කර ඇත.
මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ගතවූ මාස අටක කාලය තුළ විදෙස් සංචාරකයින් එකොළොස් ලක්ෂ හැත්තෑ දෙදහස් හාරසිය හැටපස් දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉකුත් වසරේ මුල් මාස අට තුළ පැමිණි සංඛ්‍යාව සැසඳීමේදී එය සියයට 17.1% වර්ධනයක යැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

