
චීනයේ නිරිතදිග ප්‍රදේශයේ සිචොන්ග් පළාතේ සිදුවූ නායයෑමකින් 140 කට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ. කන්ද නාය යෑම නිසා පහලින් පිහිටි ගඟේ කිලෝමීටර් දෙකක පමණ ප්‍රමාණයක් අවහිර වී ඇති බවත් සින්මෝ ගම්මානයේ නිවාස 46 ක පමණ සිටි වැසියන් 141 දෙනෙක් සහමුලින්ම ගල්කුට්ටි යට ගිළී ගොස් ඇති බව අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි.
කඩාවැටුණු විශාල ගල් කුට්ටි ඉවත් කරමින් අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතින බව චීන මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම නායයාම නිසා ගංගාවක කිලෝ මීටර දෙකක පමණ කොටසක්ද මහා මාර්ගයක සැතපුමක පමණ කොටසක්ද අවහිර වී තිබේ.
(බී බී සී පුවත් ඇසුරිණි - 085)

