පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන රජයෙන් පරිත්‍යාග කරන ලද කී‍්‍රඩා භාණ්ඩ තොගයක් පසුගියදා කොළඹ අරලියගහ මන්දිරයේදී ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වශයෙන් කටයුතු කරන වූ ජියාංහෝ මහතා විසින් විදෙශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාට බාරදෙන ලදි.
රුපියල් මිලියන 40 කට වැඩි වටිනාකමකින් යුත් මෙම කී‍්‍රඩා භාණ්ඩ සියල්ලම යුද්ධය පැවති සමයේ අපහසුතාවන්ට මුහුණ දුන් උතුරු පළාතේ කිළිනොච්චි සහ මුලතිව් දිස්ත‍්‍රික්ක වල පාසල් අතර බෙදා දීමට නියමිතය. ඒ සඳහා වන ගිවිසුමට ශ‍්‍රී ලංකාවේ චීන තානාපති වශයෙන් කටයුතු කරන වූ ජියාංහෝ මහතා විසින් විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා අත්සන් තැබූහ.
අරලිය ගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකදී අඳහස් දැක්වූ වූ ජියාංහෝ මහතා කියා සිටියේ තමන් මීට මාස කිහිපයකට පෙර යාපනය ප‍්‍රදේශයේ චාරිකාවක නිරත වූ බවත්, එහි දියුණු වීමට තවත් බෙහෝ දේ තිබෙන බවත්ය. තවදුරටත් අදහස් දැක්වූ චීන තානාපතිවරයා කියා සිටියේ යුද්ධය නිමාවීමෙන් පසු ගෙවී ගිය කෙටි කාලය තුළ ශී‍්‍ර ලංකාව ලබා ඇති සාර්ථකත්වය පිළිබදව තමා මහත් සෙයින් සතුටට පත්වන බවය.
මෙම කී‍්‍රඩා භාණ්ඩ භාරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාද පැමිණ සිටියේය.

