චීනයෙන් යුරෝපයට මුඛ ආවරණ ලක්ෂ 40 ක්


චීනයෙන් යුරෝපයට මුඛ ආවරණ මිලියන හතරක් ගෙනා බව ‘එයාර්බස්’ ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිලෙම් ෆුරි පවසයි

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය යුරෝපට කඩා වැදුණු අතර යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් බවට පත්ව ඇත්තේ ඉතාලිය සහ ස්පාඤ්ඤයයි.
 
යුරෝපය මෙන්ම කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඇමෙරිකාව ද මේ වනවිට මුඛ ආවරණ, ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) ආදී වෛද්‍ය උපකරණ හා සැපයුම්වල දැඩි හිඟයකට මුහුණ පා සිටි.
 
‘එයාර්බස්’ සමාගමේ චීනය සහ යුරෝපය අතර ‘ගුවන් පාලම’ මෙහෙයුමේ කොටසක් ලෙස එම සමාගම එලෙස චීනයේ සිට යුරෝපයට එම මුඛ ආවරණ තොගය ප්‍රවාහනය කර ඇත.
 
මේ අතර චීන බිලියනපතියන් වන ජැක් මා සහ ජෝශප් සායි නිව්යෝක් ප්‍රාන්තයට ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) දහසක් පරිත්‍යාග කළේ යැයි නිව්යෝක් ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩෘ ක්වාමෝ පැවැසීය.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තය ද ස්වසන සංවාතන යන්ත්‍ර 140ක් එවන බව හෙතෙම කීය.
 
අල්ජසීරා

055