(අනීෂා මානගේ)
චීනයෙන් ආනයනය කරන ලද මැදිරි 8 බලවේග කට්ටල දුම්රියක් අද පරීක්ෂණ චාරිකාවක් සඳහා බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණියේය.
එස් -14 වර්ගයේ මෙම දුම්රිය වායු සමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරි දෙකක්, දෙවැනි පන්තියේ මැදිරි දෙකක්, තුන්වැනි පන්තියේ මැදිරි තුනක්, භෝජනාගාර මැදිරියක් සහ එන්ජින් දෙකකින් සමන්විතය.
මෙම දුම්රිය අද සිය පළමු පරීක්ෂණ චාරිකාව දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන අංගනයෙන් ආරම්භ කර බෙලිඅත්තට දුම්රිය ස්ථානය දක්වා පැමිණියේය.




