නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසයි.
චීන රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චුනීන් පවසන්නේ මහමැතිවරණය ක්‍රමවත්ව හා සාමකාමීව පැවති බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපතන ඇය, නව රජයේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජීය වශයෙන් ඉතා ඉහළ වර්ධනයක් කරා ළඟාවනු ඇති බවට චීනය විශ්වාස කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
චීනය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක සිට පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ රටවල් රැසක නායකයින් සුභ පැතුම් එක්කර තිබිණි.

