හලාවත, අඹකඳවිල සංචාරක හොටල් කාමරයක් තුළ දි චීන ජාතික හෙදියකට ලිංගික හිංසනයක් සිදු කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි කාමර සේවයකයා බ්‍රහස්පතින්දා (19) දක්වා රිමාන්ඩ් කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් හේෂාන් ද මෙල් මහතා විසින් අද (18) නියෝග කළේය.
මෙම චීන ජාතික හෙදිය මිතුරියන් දෙදෙනකු සමග මෙරට සංචාරයට පැමිණ පසුගිය 15 වැනිදා සවස එම හෝටලයේ ලැගුම් ගෙන ඇති අතර එදින රාත‍්‍රියේ ඇගේ කාමරයට පැමිණි කාමර සේවකයා ඇයට බලහත්කාරයෙන් ලිංගික හිංසනයක් සිදු කර ඇතැයි හලාවත කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයට චීන කත සිදුකළ පැමිණිල්ලේ සඳහන්ය.
පල්ලම, පහළයායේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර ඇත.

