චීනයේ වාර්ෂිකව පැවැත්වෙන හාර්බින් ජාත්‍යන්තර තුසර සැණකෙළියේ අලංකාරය දැක බලා ගැනීමට අදික සීතල ද නොතකා දහස් ගණන් ඇදී ආහ.
1963 දී ආරම්භවී හැම වසරකම ජනවාරි මාසයේදී මෙම උත්සව සැණකෙළිය පැවැත්වෙන්නේ සීත ඍතුව කාලයේදී අධික සීතලක් ඇති හෙඉලෝන්ජියාන් ප්‍රාන්තයේ අගනුවරවන හාර්බීන් නගරයේය.
රුසියාවේ සයිබීරියාවට යාබදව ඊසාන දිග චීනයේ පිහිටි එම පළාතේ කාලගුණය මෙකාලයේ සෙන්ටිග්‍රේට් රිණ 18 ට දක්වා අඩුවෙයි. එම අධික සීතල දේශගුණය නිසා හාර්බින් නගරය මැදින් ගලායන සින්ග්හුවා ගංගාවේ ජලය සම්පූර්නයෙන්ම කැටිගැසී මිදී යයි.
තුෂර සැණකෙළිය වර්ණවත්කිරීම සඳහා මනස්කාන්ත කැටයම් සහ මූර්ති නිර්මාණය කිරීමට අවශ්‍ය අයිස් ලබාගන්නේ මිදීගිය එම ගංගාවෙනි.
ඉක්මනින් කරකවෙන දැවැන්ත යාන්ත්‍රික කියත් යොදා විශාල අයිස් කුට්ටි කපාගනු ලැබේ. එම අයිස් කුට්ටි යොදාගනිමින් විවිධාකාර නිර්මාණයන් ඉදිකරනුයේ සින්ග්හුවා ගංඉවුර දිගේය.
සැණකෙළිය පවතින කාලයේ දිනපතා පැවැත්වෙන ගිණිකෙළි සංදර්ශන නැටුම් ගැයුම් අදියෙන් උත්සවයේ චමත්කාරය තව තවත් වැඩිවෙයි.
අයිස් නිර්මාණයන් විවිධ වර්ණයන්ගෙන් අලංකාර කිරීම සඳහා අර්ධ සන්නායක ඩියොඩ විදුලි බුබුලු යොදා ගැනේ.
චීනයේ ඉන්නා දක්ෂතම මුර්ති ශිල්පීන්ගේ තම හැකියාවන් පෙන්වීමටද මෙම උත්සවය අවස්තාවක් කරගනී.
අධික සීතල නොතකා සැණකෙළියට පැමිණි සමහරු විනෝදයට බාගෙට මිදුණු ජලතටාකයන්ට පැන්නාහ.

