(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත රෝග තත්වයට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කර , ඒවා විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා ප්‍රකාශ කළේය .
මෙම වෛද්‍ය උපකරණ තොගය රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යූ.- 231 දරන ගුවන් යානය අද (8) දින රාත්‍රී 6.33 ට චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය තුළ වූ වෛද්‍ය උපකරණ අතර , කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීමට භාවිතා කරන පී.සී.ආර්. කට්ටල 30,000 ක් තිබූ අතර , ඊට අමතරව මුව වැසුම් සහ අත් ආවරණ ද ඇතුළු තවත් බොහෝ වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් තිබිණි.
එම වෛද්‍ය උපකරණ සියල්ලෙහි මුළු බර කිලෝ ග්රැම් 4,753 ක් බව මෙම ගුවන් සේවයේ ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය .
මෙම වෛද්‍ය උපකරණ තොගය ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් , ශ්‍රී ලංකා රජය වෙත හෙට දින භාර දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.





