චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් පැන ගිය සෙබළා අත්අඩංගුවට


අමදෝරු අමරජීව 
 
චීනවරාය ගුවන් හමුදා කඳවුරෙන් ටී.56 ගිනි අවියක් පතුරම් 90 ක් සහිත මැගසින්  තුනක් රැගෙන පලා ගිය ගුවන් භටයා මඩකලපුව, පෙරියමඩු මුරුගන් කොවිල් පාරේදී අත්අඩංගුවට ගත් බව මඩකලපුව මුලස්ථාන  පොලිසිය  පවසයි.


සැකකරු පැන යාමෙන් පසු මුරුගන් කොවිල් පාර සැකකරුගේ නිවස ආසන්නයේ  රැක සිටි පොලිසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. එම අවස්ථාවේ සැකකරුගේ  සන්තකයේ තිබු ඔහුට අයත් රාජකාරි ටී.56 ගිනි අවිය හා මැගසින් තුනක් සහිත පතුරම් 90ක් පොලිස් බාරයට ගෙන ඇත. 


මඩකලපුව  මුලස්ථාන පොලිසිය  භාරයේ සිටින සැකකරු වැඩිදුර පරික්ෂණ සඳහා චීන වරාය පොලිසියට රැගෙන ඒම සඳහා සහකාර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ උපදෙස් මත චීනවරය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ක්‍රිෂාන්ත ලොකුගේ මහතාගේ මෙහෙය වීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මඩකලපුව බලා පිටත්ව ගොස්  තිබේ. 


සැකකාර ගුවන්භටයා මෙම ගිනිඅවිය හා පතුරම් සහිත මැගසින් රැගෙන පලා ගියේ කුමන හේතුවක්  මතද යන්න සෙවීම සඳහා චීන වරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.