ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග්ට පණිවිඩයක් යවමින් ශ්‍රී ලංකා නව රජය චීනය සමඟ පැවැති සබඳතාවයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ප්‍රකාශ කිරීමෙන් පසු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක හොන්ග් ලී එයට ප්‍රතිචාර දක්වමින් නව රජය චීනය පිළිබඳ ධනාත්මකව කටයුතු කරනු ඇතැයි ද ඒ කෙරෙහි විශ්වාසදායී බලාපොරොත්තු තබා ඇති බවද කියා සිටියේය.
එසේම ද්වි පාර්ශවික සබඳතා වර්ධනය කරගනිමින් චීන ආයෝජනයන් හා චීනය සමග ඇති ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත් කටයුතු කරන බව එහි දක්වා ඇතැයි විදේශ මාධ්‍ය උපුටා දක්වයි. එසේම චීන ලංකා මිතුදම නොබිඳී පවත්වා ගැනීමට රටවල් දෙක අතර අන්‍යොන්‍ය අවබෝධය වැදගත්වන බවද එහි අවධාරණය කරයි.

