දිනෙන් දින සවිමත් වන ශී‍්‍ර ලංකා හා චීන සබඳතා වල ප‍්‍රතිඵලයක් ලෙස චීන නාවික යාත‍්‍රා වලට ශී‍්‍ර ලංකාව අවට ගැවසීමට හැකියාව ලැබී තිබීම පිළිබඳව ඉන්දියාවේ දැඩි අවධානය යොමුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා වල සදහන් ආකාරයට පසුගියදා ශී‍්‍ර ලංකා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවට පැමිණ ඇත්තේද මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් හා ආරක්ෂක අමාත්‍ය අරූන් ජෙට්ලි හා සාකච්ඡා කිරීමටය.
පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා චැන්ග්සෙන්ග් 2 නම් න්‍යෂ්ඨික බලයෙන් ජවගැන්වෙන චීන නාවුක හමුදාවට අයත් සබ්මැරීනයක් කොළඹ වරායේ නැංගුරම්ලූ අතර ඉන්දියාවේ බලවත් අවධානය යොමුව ඇත්තේ ඒ සම්බන්ධයෙනි.ඊට පෙර සැප්තැම්බර් 7 හා 13 යන දිනයන්හීදී චීන නාවුක යාත‍්‍රා 2ක්ද කොළඹ වරායේ නැංගුරම් ලා තිබුණි.

