රාත්තල් 13 ක් බර වන බිළිඳෙක් චීනයේ උපන්නේය.
වෛද්‍යවරුන් පවසන ආකාරයට මේ බිළිදා සාමාන්‍ය චීන බිළිදෙකු මෙන් දෙගුණයක් පමණ බරය.
බිළිදාගේ මව පවසන්නේ ගරභණී කාලයේදී තමන් අඩුවෙන් වැඩ කිරීමටත් වැඩියෙන් අනුභව කිරීමටත් පුරුදුව සිටි නිසා මෙසේ තම දරුවා ප්‍රමාණයෙන් විශාල වන්නට ඇති බවයි.මෙම අදහස තහවුරු කරන වෛද්‍යවරු පවසන්නේ මවගේ ආහාර රටාව බිළිදාගේ වර්ධනය පමණට වඩා වේගවත් කර ඇති බවයි.
කෙසේ වුවත් බිළිදාට ඉදිරියේදී නොයෙකුත් සෞඛ්‍ය ගැටලූ වලට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් ඇතැයි වෛද්‍යවරුන් කියයි.
දැනට මව හා බිළිදා යන දෙදෙනාම සුවෙන් පසුවේ.