චීන පොහෝරවලට මුදල් ගෙවීම වළකාලමින් පැනවූ නියෝගය යළි දික් කරයි


(මනෝප්‍රිය ගුණසේකර)

චීන පොහොර සමාගම විසින් නිකුත් කළ ණයවර ලිපිය අනුව මුදල් ගෙවීම වළකාලමින් කොළඹ වානිජ මහාධිකරණය මහජන බැංකුවට සහ එහි දේශීය නියෝජිත ආයතනයට නිකුත් කළ වාරණ නියෝගය ලබන 30 දක්වා දීර්ඝ කිරීමට කොළඹ වානිජ මහාධිකණය අද නියෝග කළේය.

එම පෙත්සම නැවත කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ  කරුණු සැලකිල්ලට ගෙන එලෙස  නියම කළ වානිජ මහාධිකරණය මෙම පෙත්සම ලබන 30 වැනි දා යළි කැඳවන්නැයි ද නියෝග කළේය