( අම්බලන්තොට සනත් ගමගේ)
බෙලිඅත්ත හම්බන්තොට අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අඟුණකොළ පැලැස්ස හැලේකඩ පිහිටි චීන සමාගමට අයත් වැඩ බිමක මුළුතැන් ගෙයි සඟවා සිටි කිරි ඉබ්බෙක් සමඟ චීන ජාතිකයෙක් අත් අඩංගුවට ගත් බව හුංගම කළමැටිය වනජිවී කාර්යාලයේ නිළධාරීහු පවසති.
වනජීවී කාර්යාලයට ලද තොරතුරක් මත මෙම වැඩබිම පරීක්ෂා කිරීමේ දී එහි මුළුතැන් ගෙයි කුඩා සිලින්ඩරයක ජලය නොමැතිව පණ පිටින් සිටි කිරිඉබ්බා සොයාගැනීමට වනජීවී නිළධාරිහු සමත් වූහ.