චීන ජනපති ලංකාවට එයි?


චීන ජනපති ෂී ජිංපින් මේ වසර අවසානයේ ශී‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණෙන බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
මීට පෙර චීන ජනපතිවරයකු ලංකාවේ සංචාරයකට පැමිණ ඇත්තේ 1986 වසරේදීය. ඒ අනුව, චීන ජනපතිවරයකු ලංකාවට පැමිණෙන් ඇත්තේ දශක තුනකට පසුව වීම ද සුවිශේෂී සිදුවීමකි.
චීන ලංකා ආර්ථික සබඳතා සහ මිතුදම් තර කර ගැනීම මෙම සංචාරයේ දී ප‍්‍රධාන අරමුණු වනු ඇතැයි ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් පෙන්වා දෙයි. චීන රජය මේ වනවිටත් ශී‍්‍ර ලංකාවේ දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇත.